උදා වන 2024 නව වසර වෙනුවෙන් චීන ජනාධිපතිවරයා ලෝකවාසීන්ට සුබ පතමින් පණිවිඩයක් යොමු කර තිබේ. එම පණිවුඩය පහත වේ.
2023 වසරේ අප ගමන් මඟේ නොනවත්වා අනේක විධ දුෂ්කරතා හා අභියෝග ජය ගැනීමෙන් මනරම් දසුන් අත්විඳි අතර සරු අස්වැන්නක් ද නෙලා ගත්තෙමු. ගෙවී යන වසර පහසු වසරක් නොවුව ද අනාගතය පිළිබඳ අපට ඇත්තේ දැඩි විශ්වාසයකි.
මේ වසරේ අප ගමන් ගත්තේ ධෛර්වන්ත නිර්මාණශීලිත්වයෙනි. කාලයාගේ ඇවෑමෙන් අනෙකවිධ උරගා බැලීම්වලින් චීනයේ නවෝත්පාදන හා සංවර්ධන ජවය තව තවත් වඩවා තිබේ. චීනයේ නිෂ්පාදිත C919 සිවිල් ගුවන් යානය වාණිජමය ගුවන් ගමන අරම්භ කළ අතර චීනයේ පළමු දැවැන්ත සංචාරක නෞකාව ද මංගල යාත්‍රා ගමන සිදු කර තිබේ. අභ්‍යවකාශ යානා අභ්‍යවකාශයේ ද අරගලයා නම් සැබ්මරීනය මුහුදු පත්ලේ ද සිය මෙහෙයුම් සාර්ථක ව ඉටු කර ඇත. පාරිභෝගික ජනතාවගේ ආකර්ෂණයට ලක්ව ඇති චීන දේශීය නිෂ්පාදිත අතරින් ජංගම දුරකථන, නව බලශක්ති මෝටර් රථ, ලිතියම් විදුලි කෝෂ, ප්‍රකාශ වෝල්ටීයතා නිෂ්පාදිත වඩාත් කැපී පෙනේ. අප්‍රතිහත උත්සාහයන් තුළින් චීන නවොත්පාදනයන් දිනෙන් දින ලොවට දායාද වෙමින් පවතී.
චීනය තම සංවර්ධනය පමණක් නොව ලෝකය සක්‍රිය ලෙස වැළඳ ගන්නා විශාල රටක් ලෙස සිය වගකීම් හා යුතුකම් දරමින් සිටී. චීන-මධ්‍යම ආසියා සමුළුව සහ 3වැනි ‘එක් තීරය්ක එක් මාවතක්’ වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදය ඇතුළු චීනය සත්කාරත්වය දැරූ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම් රැසකට විදේශ ආරාධිත අමුත්තෝ එක්වූහ. මම ද විදේශ සංචාරයන්හී නිරත වෙමින් ජාත්‍යන්තර සම්මන්ත්රණ රැසකට සහභාගි වූයෙමි. මම පැරණි මිතුරන්, නව හවුල්කරුවන් හමුවී චීන සංකල්ප ඔවුන් සමග බෙදා ගත්තෙමි. අන්‍යෝන්‍ය එකඟතා එමගින් තහවුරු විය. කාලය කෙතරම් වෙනස් වුව ද, සාමකාමී සංවර්ධනය මෙන් ම සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණ හිමි කර ගැනීම වෙනස් නොවන තේමාවයි.
ලබන වසරේ නව චීනය ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය සනිටුහන් කෙරේ. චීන මාදිලියේ නවීකරණය අප ස්ථිර ලෙස ඉදිරියට මෙහෙයවමින් නව සංවර්ධන සංකල්ප අංගසම්පූර්ණ හා නිරවද්‍ය ලෙස අනුගමනය කළ යුතුය. නව සංවර්ධන ව්‍යුහය ගොඩනැංවීම වේගවත් කරමින් අධි ගුණාත්මක සංවර්ධනය තහවුරු කර සංවර්ධන සුරක්ෂිතභාවය මනාව සංයෝග කළ යුතුය. සංවර්ධනය ස්ථාවරව පවත්වාගෙන යාමෙන් ප්‍රගතිය අත්කර ගැනීමටත්, එම ප්රගතියෙන් සංවර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යාමටත්, පැරණි ක්‍රමවේද අත්හැර නව ක්‍රමවේද අනුගමනය කිරීමටත් කටයුතු කළ යුතු ය. ආර්ථික ප්‍රකෘතිමත්වීම යහපත් අතට හැරීමේ ප්‍රවණතාව තහවුරු කරමින් තවදුරටත් ශක්තිමත් කර ආර්තිකය ස්ථාවර අයුරින් දිගුකාලීන වර්ධනය අත් කර ගත යුතුය. ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පූර්ණ වශයෙන් ක්‍රියාවට නංවමින් සංවර්ධනය පිළිබඳ ආත්ම විශ්වාසය තවදුරටත් ඉහළ නංවා ආර්ථික ක්‍රියාශීලීත්වය තහවුරු කළ යුතුය. වඩාත් ප්‍රබලතාවෙන් යුතුව අධ්‍යාපනය ඉදිරියට ගෙන යා යුතු අතර විද්‍ය හා තාක්ෂණ අංශය වැඩිදියුණු කරමින් වෘත්තිකයන් පෝෂණය කළ යුතුය.
මෙම මොහොතේ සුවහසක් නිවෙස්වලින් නිකුත් වෙන ආලෝකයෙන් රාත්‍රිය දීප්තිමත් වී තිබේ. සමෘද්ධියත් ලෝකයට සාමයත් ප්‍රාර්ථනා කරමු! සියලු දෙනාට ම සියලු දිනයක්ම වාසනාවන්ත වේවා, අපේක්ෂා ඉටු වේවා, නිරෝගී වේවා යැයි ප්‍රාර්ථනා කරමි!
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි