2024 දී ඇමෙරිකාවේදී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වෙන ‘2024 ICC Men’s T20’ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තරග වදින රටවල් 20 තෝරාගන්නා අයුරු ICC ය විසින් නිවේදනය කර ඇත.
ඒ අනුව සත්කාරක ඇමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් යන කණ්ඩායම් 2 ත්, ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ‘2022 ICC Men’s T20’ ක්‍රිකට් ලෝක කුසලානයේ මුල් ස්ථාන 8 ට පැමිණෙන කණ්ඩායම් 8 ත්,
මුල් ස්ථාන 8 ට පැමිණි කණ්ඩායම් 8 හැරුණු විට 2022 නොවැම්බර් 14 වැනිදා වන විට ICC T20 ශ්‍රේණිගත කිරීම් (Ranking) වල ඉහළින්ම සිටින කණ්ඩායම් 2 ත් වශයෙන් කණ්ඩායම් 12 ක් සෘජුවම 2024 ICC Men’s T20′ ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගනී.
නමුත් මෙහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද 2022 T20 ලෝක කුසලානයේ මුල් කණ්ඩායම් 8 ට ඇතුළත් වුවහොත් T20 Ranking මත තෝරාගන්නා කණ්ඩායම් ගණන 3 ක් දක්වා ඉහළ යාමද සිදුවේ.
මෙලෙස සෘජුවම 2024 T20 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් 12 ට අමතරව Asia, Europe, Africa යන Regional Qualifier තරගාවලිවලින් කණ්ඩායම් 2 බැගින් සහ Americas, East Asia Pacific යන Regional Qualifier තරගාවලිවලින් කණ්ඩායම් 1 බැගින් වශයෙන් තවත් කණ්ඩායම් 8 ක් 2024 T20 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමද සිදු වේ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්