“අඩු කාබන් පරිවර්තනය සහ ගෝලීය සහයෝගීතාවය” යන තේමාවෙන් යුත් 2024 ලෝක නව බලශක්ති වාහන සමුළුව චීනයේ Hainan පළාතේ පැවැත්විණ. ලෝකයේ විවිධ රටවල ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ නිළධාරීහු එහිදී පැවසූහ.
දත්තවලට අනුව, මෙම වසරේ ජනවාරි මස සිට අගෝස්තු මාසය දක්වා නව බලශක්ති වාහනවල ගෝලීය අලෙවිය මිලියන 10 ඉක්මවා ඇත. එමෙන්ම නව මෝටර් රථවල සමස්ත අලෙවියේ අනුපාතය 18% දක්වා ළඟා වූ අතර එය පසුගිය වසරට වඩා 3 % කින් වැඩි වී තිබේ. ඒ අතරින් චීනයේ නව බලශක්ති වාහන අලෙවිය මිලියන 7 දක්වා ළඟා වූ අතර එය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව 30.9% ක වර්ධනයක් පෙන්නුම් කරයි. ගෝලීය නව බලශක්ති වාහන කර්මාන්තය වේගවත් ලෙස සංවර්ධනය වන නමුත් සංවර්ධනය හා සම්බන්ධ විශ්වාසය හා ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සමුළුවේදී අවධාරණය කෙරිණ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි