2025 චීන රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය කාර්ය වාර්තාව සාකච්ඡා කිරීමේ රැස්වීම චීන ජනපති ප්‍රධානත්වයෙන්

චීන රාජ්‍ය මණ්ඩලය විසින් 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිත 2025 රාජ්‍ය කාර්ය වාර්තාව සාකච්ඡාවට ලක් කෙරේ.

ඒ, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය අද (28) පැවැත්වූ රැස්වීමේ දී ය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා එහි මුලසුන දැරීය.

මෙම වසර චීනයේ “14 වැනි පස් අවුරුදු සැලැස්මේ” අවසාන වසරය. ෂී ජින් පිං මහතාගේ මූලිකත්වයෙන් යුත් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ, නව සංවර්ධන සංකල්පය සම්පූර්ණයෙන්ම, නිවැරදිව සහ පුළුල් ලෙස ක්‍රියාත්මක කළ යුතු බව එම රැස්වීමේදී අවධාරණය කෙරිණ. නව සංවර්ධන රටාවක් ගොඩනැගීම වේගවත් කිරීම සහ උසස් තත්ත්වයේ සංවර්ධනය ශක්තිමත් කිරීම අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතු බව ද එම අවස්ථාවේදී සඳහන් විය. ප්‍රතිසංස්කරණ තවදුරටත් ගැඹුරු කිරීමේ සහ ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීමේ වැදගත්කම එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

එමෙන්ම නවීන කාර්මික පද්ධතියක් ගොඩනැගීම, සංවර්ධනය හා ආරක්ෂාව තුලනය කිරීම, දේශීය ඉල්ලුම පුළුල් කිරීම, විද්‍යාත්මක සහ කාර්මික නවෝත්පාදනවල ඒකාබද්ධ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ද එම රැස්වීමේදී අවධානයට ලක්ව ඇත. තවද රටේ ආර්ථික ප්‍රකෘතිය, ජනතාවගේ ජීවන තත්ත්වය අඛණ්ඩව වැඩිදියුණු කරමින් සමාජ සමගිය සහ ස්ථාවරත්වය පවත්වා ගත යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණ.

මෙම වසර “14 වැනි පස් අවුරුදු සැලැස්මේ” ඉලක්ක උසස් තත්ත්වයෙන් ඉටු කළ යුතු අතර, “15 වැනි පස් අවුරුදු සැලැස්මේ” මනා ආරම්භයක් සඳහා ශක්තිමත් පදනමක් දැමිය යුතු බව ද එම රැස්වීමේදී පෙන්වා දී ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com