සංඛ්‍යාලේඛනවලට අනුව, ඊයේ(16) රාත්‍රි 9: 14 වන විට 2025 වසරේ චීන බොක්ස් ඔෆිස් ආදායම (පූර්ව අලෙවිය ඇතුළුව) යුවාන් බිලියන 20 ඉක්මවා ගියේය. 2025 වසර චීන චිත්‍රපට ඉතිහාසයේ වාර්ෂික බොක්ස් ඔෆිස් ආදායමෙන් යුවාන් බිලියන 20 ඉක්මවා ගිය වේගවත්ම වසර ලෙස සනිටුහන් වේ. “Nezha 2 :The Magic Child Stirs the Sea” චිත්‍රපටය මේ වන විට වාර්ෂික ඉහළම බොක්ස් ඔෆිස් ආදායමක් හිමි කර ගෙන ඇත.
වසර පහක් පුරා සූදානම් වී එළි දැක්වූ “Nezha 2 :The Magic Child Stirs the Sea” චිත්‍රපටය තිරගත වීම ආරම්භ වූ දා සිට අඛණ්ඩව වාර්තාගත බොක්ස් ඔෆිස් ආදායම් ලැබීමට සමත් ව තිබේ. ඉකුත් පෙබරවාරි 6 වන දින, එය චීන චිත්‍රපට ඉතිහාසයේ බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පළමුවැනි ස්ථානය බවට පත් විය. අනතුරුව පෙබරවාරි 13 වන දින එය චීන චිත්‍රපට ඉතිහාසයේ බොක්ස් ඔෆිස් ආදායම බිලියන 10 ඉක්මවූ පළමු අවස්ථාව මෙන්ම චීන සිනමාවේ නව සන්ධිස්ථානයක් ද සනිටුහන් කර ඇත. පසුව පෙබරවාරි 15 වන දින ලොව පුරා බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 11 වන ස්ථානයට එම චිත්‍රපටය පත්ව තිබේ.
විශිෂ්ට චිත්‍රපට සඳහා ප්‍රේක්ෂකයින්ගේ පිළිගැනීම බොක්ස් ඔෆිස් ආදායම ක්‍රමයෙන් ඉහළ යාමට හේතු වී ඇති අතර චීනයේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතිය වර්තමානයේ දී අති නවීන තාක්ෂණික ප්‍රයෝග හරහා ජනතාව වෙත ඉදිරිපත් කිරීමෙන් එහි නව ජීවයක් පෙන්නුම් කරන බව සිනමා විශේෂඥයින්ගේ විශ්වාසයයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි