චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා 2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වෙමින් දේශනයක් පවත්වයි. ඒ ඊයේ(27) පෙරවරුවේ දකුණු චීනයේ Hainan පළාතේ බෝ ආඕ හිදී ය.
හෙතෙම එහිදී ‘ගෝලීය අභියෝගයන්ට පොදුවේ මුහුණ දෙමින් ආසියානු නිවහනක් ඒකාබද්ධව ගොඩනැගීම’ යන මැයෙන් ප්‍රධාන දේශනයක් පැවැත්වීය.
පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කොට ගෝලීය අභියෝගවලට එක්ව මුහුණ දෙමින් ආසියාවටත් ලෝකයටත් වඩා අපූරු අනාගතයක් නිර්මාණය කිරීමට ආසියාවේ සෙසු රටවල් ද එක්ව ක්‍රියා කළ යුතු බව Ding Xuexiang මහතා එහිදී කියා සිටියේය.
හෙතෙම එහිදී සිව් වැදෑරුම් යෝජනාව ඉදිරිපත් කළේය. අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමෙන් සමගිය හා සහයෝගීතාව ශක්තිමත් කිරීම, විවෘතභාවය සහ සහභාගිත්වය තුළින් ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීම, අන්‍යෝන්‍ය ප්රතිලාභ හා පොදු ජයග්‍රාහී ප්‍රතිඵල මගින් සමෘද්ධිය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ සාමකාමී සහජීවනයෙන් සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම ද ඊට ඇතුළත් වේ.
More Stories
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය
ඇමරිකාව අතිරේක තීරුබදු පැනවීමට එරෙහිව චීනය නඩු මගට