21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්රිකට් ක්රීඩකයා ලෙස විස්ඩන් ක්රිකට් මාසික සඟරාව මගින් ශ්රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් තෝරාගෙන තිබේ.
2000 වසරේ සිට 2020 වසර දක්වා ටෙස්ට් පිටියේ ක්රීඩකයින් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මුත්තයියා මුරලිදරන් මෙලෙස 21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්රිකට් ක්රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.
මුරලිගේ ටෙස්ට් කඩුළු 800න් ඔහු තරග 85ක දී ලබාගත් කඩුළු 573 ම ලබාගෙන ඇත්තේ 2000 ජනවාරි 1 සිට 2010 දක්වා කාලය තුළ ලබා ගෙන තිබේ.
මෙම කාලය තුළ ඔහුට ඉදිරියෙන් සිටින්නේ ජේම්ස් ඇන්ඩර්සන් පමණි.ඇන්ඩර්සන් එහිදී කඩුළු 584ක් ලබාගෙන ඇත්තේ තරග 151කට ක්රීඩා කරමින් ය.එම නිසා මුරලිට මෙම අවස්ථාව හිමි වී තිබේ.
ලොව වැඩිම ටෙස්ට් කඩුළු ලාභී පන්දු යවන්නා වන මුරලි ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස වැඩිම කාලයක් වාර්තා අතර රැඳී සිටි ක්රීඩකයා ද වීම විශේෂත්වයකි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්