21 වන සංශෝධන කෙටුම්පත අද නැවතත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම කෙටුම්පත අවස්ථා කිහිපයක දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ද ඒ සඳහා අනුමැතිය හිමිවුණේ නැහැ.
අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයේ කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට කෙරෙනු ඇති.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ කෙටුම්පතේ වගන්ති රැසක් සංශෝධනය කර අද යළිත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
මේ අතර 21 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු අවම කරුණු පිළිබඳ මාර්තු 12 ව්‍යාපාරයේ මූලික එකගතා යෝජනාවලිය තවත් පාර්ශව කිහිපයක් වෙත පිරිනැමීම අද සිදු කෙරෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජෙදාස රාජපක්ෂ සහ ස්වාධීන විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් වෙත මෙලෙස අදාළ යෝජනාවලිය ලබාදීමට නියමිතයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්