23 වැනි චීන ජාත්‍යන්තර ආයෝජන හා වෙළඳ සමුළුව හෙවත් 2023 ජාත්‍යන්තර ආයෝජන සාකච්ඡා සභාව ඊයේ(8) Xiamen නගරයේදී ආරම්භ විය. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ උප සභාපති Wang Yong මහතා එම සමාරම්භක උත්සවයට එක් වෙමින් දේශනයක් කළේය.
විවෘතභාවය සහිත මූලික ප්‍රතිපත්තිය, අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණය සහිත විවෘත උපායමාර්ගය චීනය අනුගමනය කරන බව ජනාධිපති ෂී ජින් පිං මහතා අවස්ථා රැසකදීම අවධාරණය කර ඇති බව Wang Yong මහතා පැවසීය. චීනයේ විශාලතම බලපෑමක් සහිත ජාත්‍යන්තර ආයෝජන සමුළු වලින් එකක් වන මෙවර සමුළුව, නව යුගයේ ජාත්‍යන්තර ආයෝජන සහයෝගිතා, අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණය සහිත වර්ධනයක් ළඟා කර ගැනීමේ වැදගත් වේදිකාවක් බවට පත්ව තිබේ. උසස් මට්ටමේ විවෘත භාවය ස්ථීර ලෙස ඉදිරියට ගෙන යමින් චීන රජය තවදුරටත් විදේශ ආයෝජන පරිසරය යහපත් කරමින් බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය දැඩි ලෙස රැක ගනු ඇති බව Wang Yong මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්