චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නව විදෙස් තානාපතිවරුන්ගේ අක්ත පත්‍ර බාර ගනී. අද (12) පස්වරුවේ බෙයිජිං හි මහජන මහ ශාලාවේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 28ක නව තානාපතිවරුන් 28 දෙනෙකුගේ අක්ත පත්‍ර බාර ගත්තේ ය.
ඒ සඳහා විශේෂ උත්සවයක් පැවැත්වීමෙන් පසු චීන ජනාධිපතිවරයා දේශනයක් ද පැවැත්වීය. එම නව තානාපතිවරුන් පිළිගන්නා බවත්, ඔවුන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් චීන රජය සියලු සහාය ලබා දෙනු ඇති බවත්, හෙතෙම සඳහන් කළේ ය. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් විය. වසර 75ක ගමනකින් පසු දැනට චීනය චීන මාදිලියේ නවීකරණ ක්‍රියාදාමයේ නිරතව සිටී. විවිධ රටවල් සමග සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා පවසයි.


සිය ධූර කාලයේ චීනය පුරා යමින් චීනය පිළිබඳ නිරන්තරයෙන් අධ්‍යයනය කරමින් ඒ තුළින් චීනය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගන්නා ලෙස ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී එම නව විදෙස් තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.
More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි