33 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල අද (26) ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වේ.
ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා පැවසුවේ ය. ඔලිම්පික් ප්‍රතිසංස්කරණ මාර්ග සිතියම වන “ඔලිම්පික් න්‍යාය පත්‍රය 2020” මුල සිට අවසානය දක්වා සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරන පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. එය තරුණ, නාගරික සහ තිරසර බවින් යුතුව, “ඔලිම්පික් ක්‍රීඩාව වඩාත් විවෘතයි” යන තේමා පාඨයට ද සම්පුර්ණයෙන්ම අනුකූල වන අයුරින් පැවැත්වෙන බව Thomas Bach මහතා පෙන්වා දුන්නේ ය.
පසුගිය ටෝකියෝ ඔලිම්පික් උළෙලට සාපේක්ෂව 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පරිමාණය කුඩා වුව ද, මෙවර පිරිමි සහ කාන්තා මලල ක්‍රීඩකයින්ගේ නියෝජනය පළමු වරට වෙන් වෙන්ව සියයට 50ක් වීම විශේෂත්වයකි.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 11 වැනිදා අවසන් වීමට නියමිත ය.
More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි