තොග වශයෙන් අලවි කිරීමට ගබඩා කර සගවා තිබු රජයේ අරක්කු බෝතල් 132 ක් සමඟ තරුණයෙකු ඊයේ(01) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසනවා.
මෙම පුද්ගලයා ඇදිරි නීති සමයේ රජයේ අරක්කු බෝතලයක් රුපියල් 2000ට අලවි කර ඇත. සීප්පුකුලම රට බීම හලේ සේවය කරන මොහු ඊට ආසන්නව පිහිටි තම නිවසේ මෙම නීති විරෝධී කටයුත්ත සිදු කර ඇත.
සැකකරු නුවන් චාමින්ද සුදසිංහ ගමගේ නැමති 27 හැවිරිදි අයකු වන අතර අනුරාධපුරයේ කරුවලගස් හීන්න, සීප්පුකුලම පදිංචි අයෙකි.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පො.ප රුවන් ජයවර්ධන මහතාට ලඳ තොරතුරකට අනුව විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ උපාය දූතයකු යොදාගෙන මෙම වැටලීම කර ඇත.
උ.පො.ප. බංඩාර, පො.සැ 48326 ශාන්ත, පො.කො 66935 විජේරත්න, 71448 සමීර, 82440 දිසානායක, 39644 ජයවීර යන අය මෙම වැටලීමට සම්බන්ධ වී ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්