487ක් සුව වෙද්දී තවත් 343කට ආසාදනය වෙයි

තවත් කොවිඩ් අසාදිතයින් 343 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 51,937ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 487දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 44,746ක් දක්වා ඉහළ ගියා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com