5 වැනි චීන-මධ්‍යම ආසියා විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම නිරිතදිග චීනයේ Chengdu නගරයේදී ඊයේ(01) පැවැත්විණ. ලබන වසරේ පැවැත්වීමට නියමිත දෙවන චීන-මධ්‍යම ආසියානු සමුළුව වෙනුවෙන් සහයෝගීතා ඉදිරියට ගෙන යාම සහ එහි දේශපාලන සූදානම පිළිබඳව විදේශ අමාත්‍යවරුන් එහිදී පුළුල් සාකච්ඡා සිදු කර ඇත.
කසකස්තානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Murat Nurtleu, කිර්ගිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය Kulubaev Zheenbek Moldokanovich, ටජිකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය Sirojiddin Muhriddin, ටර්කිමෙනිස්තානයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Rashid Meredovti, සහ උස්බෙකිස්තානයේ විදේශ අමාත්‍ය Bakhtiyor Saidov යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අඛණ්ඩව වසර හතරක් තිස්සේ චීන-මධ්‍යම ආසියා යාන්ත්‍රණය සාර්ථකව ක්‍රියාත්මක වී ඇති අතර, යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ප්‍රායෝගික සහයෝගීතාවය තුළ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට රටවල් හය එක්ව කටයුතු කර ඇති බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා එහිදී සඳහන් කළේ ය.
චීනය සහ මධ්‍යම ආසියානු රටවල ඒකාබද්ධ ප්‍රකාශයක්, උසස් තත්ත්වයේ එක් තීරයක් එක් මාවතක් වැඩපිලිවෙල සඳහා ක්‍රියාකාරී සැලැස්මක්, ශක්තිමත් සහයෝගීතා ගිවිසුමක් මෙන්ම විවිධ වැදගත් ක්ෂේත්‍රවල ගිවිසුම් කෙටුම්පත් කිරීම ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
මෙහිදී විදේශ අමාත්‍යවරු “ටියැන්ෆු” දේශසීමා හරහා මධ්‍යම ආසියාව වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ට්‍රක් රථ සේවාව ආරම්භ කිරීමේ උත්සවයට ද එක් වූහ. ඒ අනුව මෙම ප්‍රවාහන සේවය මධ්‍යම ආසියානු රටවල් පහක් හරහා නගර 20ක් සම්බන්ධ කරයි. ඉදිරි වසර තුන ඇතුළත මධ්‍යම ආසියාවේ ප්‍රධාන නගර ආවරණය වන පරිදි මෙම සේවාව පුළුල් කිරීමට ද ලසුම් කර ඇත.
මීට සමගාමීව මධ්‍යම ආසියානු රටවල් පහ සඳහා ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ජාතික මණ්ඩපවලින් සමන්විත චීන-මධ්‍යම ආසියා මධ්‍යස්ථානය ද විවෘත කෙරිණ.
එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට මෙන්ම චීනයේ සහයෝගිතා යෝජනා සඳහා විදේශ අමාත්‍යවරුන් සිය සහාය පළ කළහ. එමෙන්ම නීතිය බලාත්මක කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරමින් හවුල් අනාගතයක් සහිත චීන-මධ්‍යම ආසියානු ප්‍රජාවක් ගොඩනැගීමට අපේකෂා කරන බව ද ඔවුහු සඳහන් කළහ. කලාපීය සබඳතාවල උසස් තත්ත්වයේ සංවර්ධනය උදෙසා වසර දෙකකට වරක් තේමා සහයෝගීතා වර්ෂයක් ස්ථාපිත කිරීමට මෙහිදී විදේශ අමාත්‍යවරු හය දෙනා එකඟත්වය පළ කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි