චීන රාජ්‍ය මණ්ඩලයේ තොරතුරු කාර්යාලය අද(23) පැවති මාධ්‍ය හමුවකදී, 6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සූදානම පිළිබඳ ප්‍රකාශ කර තිබේ.
මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 154 කින් නියෝජිතයන්ගේ පැමිණීම අපේක්ෂා කෙරේ. මේ වනවිට ප්‍රදර්ශනය සඳහා සාමාජිකයින් 3,400 කට වැඩි ප්‍රමාණයක් සහ වෘත්තීය මට්ටමේ නියෝජිතයින් 394,000 ක් ලියාපදිංචි වී තිබේ. ප්‍රදර්ශන භූමිය ආසන්න වශයෙන් වර්ග මීටර් 367,000 කි.
Fortune 500 සමාගම් සහ ප්රමුඛ පෙළේ කාර්මික සමාගම්වල ගෝලීය මූලස්ථාන විධායකයින් සියයකට වැඩි පිරිසක් ඊට සහභාගී වීමට චීනයට පැමිණෙන බව තහවුරු කර ඇත. එමෙන්ම මෙය වාර්තාගත මට්ටමකි. මෙම ප්‍රදර්ශනයට සහභාගී වන Fortune 500 සමාගම් සහ ප්රමුඛ පෙළේ කාර්මික සමාගම් සංඛ්‍යාව 289 දක්වා ළඟා වී ඇති අතර එය මීට පෙර සහභාගී වූ සංඛ්‍යාව ද ඉක්මවා තිබේ.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්