වව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ ආලංකුලම් ප්‍රදේශයේදී ගෙවත්තක ළිඳකට වැටීමෙන් 06 හැවිරිදි දැරියක් ඊයේ (31) දින මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.
මිය ගිය දැරියගේ දෙමාපියන් කොවීඩ් එන්නත ලබාගැනීම සඳහා රෝහලට ගිය අතරතුරදී නිවසේ සිටි දියණිය අසල්වැසි නිවසට ගොස් ඇති අතර එහිදී අතර මග පිහිටි ළිඳට දැරිය හදීසියේම වැටීමෙන් පසුව අසල් වැසියන් විසින් දැරිය ගොඩට ගෙන වවුනියාව මහරෝහලට ඇතුලත් කලද ඒ වන විටත් දැරිය මිය ගොස් සිටි බවට රෝහල් වෛද්‍යවරුන් පැවසීය.
මෙලෙස ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ ආලංකුලම් මුරුගානන්ද විදුහලේ පළමු වසරේ ඉගෙනුම ලබන 06 හැවිරිදි සෙල්වරාජ් අනුෂියා නැමති දැරියක් බවටද පරික්ෂණ සිදුකරන කනගරායන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට