633 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබූ සමස්තය 48,000 ඉක්මවයි

මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් තවත් 633 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 48 දහස් 617 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7183 ක්.

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 887 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 56 දහස් 076 ක්.

මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර කොවිඞ් පොකුර පවතින්නේ 52 දහස් 202 ක් ලෙසයි.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 793 ක්.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 276 ක් වාර්තා වී තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com