6වන චීන – ජපාන උසස් මට්ටමේ ආර්ථික සංවාදය ටෝකියෝ නුවරදී

චීන හා ජපාන විදේශ අමාත්‍යවරුන්ගේ සම සභාපතිත්වයෙන් 6වන චීන-ජපාන උසස් මට්ටමේ ආර්ථික සංවාදය ජපානයේ ටෝකියෝ නුවරදී පසුගිය දා පැවැත්විණ. 

එහීදී අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සඳහන් කළේ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භවූ දා සිට ද්විපාර්ශ්වික වෙළඳාම තුන්සිය ගුණයකට වඩා වැඩි මට්ටමකින් වර්ධනය වී ඇති බවයි.එහි වටිනාකම අඛණ්ඩව වසර 15ක් පුරා ඇමරිකා ඩොලර් බිලියන 300ක අගයක පවතින බවද හෙතෙම කීය. ද්විපාර්ශ්වික ආයෝජන වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 140කි. චීන හා ජපානය හවුල්කරුවන් මිස එදිරිවාදීන් නොවන බව මෙම ආර්ථීක ප්‍රතිඵලයන් ‍ගෙන් සනාථ වන බවද චීන විදේශ ඇමතිවරයා කීය.

ලොව ප්‍රධාන ආර්ථිකයන් ලෙසට නිවැරදි අවබෝධයක් එකිනෙකා අතර බිහිකර වගකීම් සහගත බව පිළිබිඹු කළ යුතු බවද වන්ග් යී මහතා පැවසීය. ආර්ථික හා වෙළඳ සහයෝගතා පරිවර්තනය වේගවත් කිරීම, ආර්ථීක හා වෙළඳ සහයෝගතා යාවත්කාලීන කිරීම,අන්‍යෝන්‍ය සාර්ථකත්වයට ශක්තිමත් හවුල්කාරීත්වය ඇති කර ගැනීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර 4ක සහයෝගතා වර්ධනය වෙනුවෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවද චීන විදේශ ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com