පසුගිය 1වැනිදා සිට 4වැනිදා දක්වා, 77 වැනි එක්සත් ජාතීන්ගේ මහා සැසිවාරයේ සභාපති Csaba Korosi මහතා, ආරාධනාවට අනුව චීනයේ නිල සංචාරයක නිරත විය.
Csaba Korosi මහතා මේ වසරේ චීනයට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන බව, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (6) මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නා ය. ඇය තවදුරටත් ප්‍රකාශ කළේ ඔහුගේ මෙවර චීන සංචාරය සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇති බවයි.
චීනය සෑම විටම බහුපාර්ශ්විකත්වයට අනුකූලව කටයුතු කරයි. එක්සත් ජාතීන්ගේ මෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වැදගත් කාර්යභාරයන් ඉටු කිරීමට චීනයේ සහාය පළවේ.
බහුපාර්ශ්විකත්වය තහවුරු කළ යුතු අතර එක්සත් ජාතීන්ගේ අධිකාරිය ආරක්ෂා කළ යුතු බවට දෙපාර්ශවයම එකඟතාවකට එළඹිණ. ජාත්‍යන්තර කටයුතුවලදී සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජනය සහ හඬ තවදුරටත් වැඩි දියුණු කළ යුතු ය. ගෝලීය සංවර්ධන මුලපිරීම් සහ තිරසාර සංවර්ධනය සඳහා වූ වසර 2030 න්‍යාය පත්‍රය අතර පෙළගැස්ම ශක්තිමත් කිරීමට මෙන්ම, වඩාත් ප්‍රායෝගික සහයෝගතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද, චීනය කැමැත්තෙන් සිටින බව, Mao Ning මහත්මිය එහිදී පැවසුවා ය.
77 වැනි එක්සත් ජාතීන්ගේ මහා සැසිවාරයේ සභාපතිවරයාගේ චීන සංචාරය සාර්ථකයි-චීන විදේශ අමාත්‍යංශය

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි