උතුරුදිග ඉතාලියේ මිලිනෝ නුවර ගොඩනැගිල්ලකට පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.
මිලානෝ නුවර – ලිනේට් ගුවන්තොටුපොළෙන් නික්මුණු පී.සී. 12 වර්ගයේ මෙම ගුවන් යානයේ ගමන්ගෙන ඇත්තේ, රුමේනියානු ප්රකෝටිපති ඩෑන් පෙට්රෙස්කු සහ ඔහුගේ පවුලේ අයයි.
එහි දී 68 පෙට්රෙස්කු ඔහුගේ බිරිඳ, පුත්රයා ඇතුළු 8 දෙනෙකු මියගොස් ඇති අතර, ගිනිගත් යානය කඩා වැටීමෙන් අනතුරු ව අසල මාර්ගයේ වාහන කිහිපයකට ද ගිනි ඇවිලී තිබෙනවා.
කෙසේ නමුත් ගොඩබිම කිසිවෙකුට මෙහි දී අනතුරක් සිදු වී නො මැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්