පසුගිය මහ මැතිවරණයෙන් තෝරා පත්කර ගැනුණු මන්ත්‍රිවරුන් රැස්වන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැදවීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ලබන 20 වනදා උදෑසන 9.30 ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව රැස්වන බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් මෙම කැඳවීම සිදුකරන බවයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.
මීට අමතරව ජනාධිපතිවරයා විසින් තවත් ගැසට් නිවේදන කිහිපයක්ද ඊයේ දිනයේදී නිකුත් කළා.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරමින් එක් ගැසට් නිවේදනයක්ද, ගාමිණි සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත් කරමින් තවත් ගැසට් නිවේදනයක්ද ප්‍රකාශයට පත් කෙරුණා.
එමෙන්ම නව කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළත් ගැසට් නිවේදනද ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේදී නිකුත් කර තිබෙනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ