ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නතට දායක වූ ලාංකික වෛද්‍යවරිය ලංකාවට එන්න සූදානම්

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොඩිඩ් 19 එන්නත අඩු සහ වැඩි ආදායම් රටවලට ප්‍රතිඵලදායක වනු ඇති බව එම එන්නත නිර්මාණය කිරීමේ පුරෝගාමී වූ ශ්‍රී ලංකාවේ උපත ලද වෛද්‍ය මහේෂි රාමසාමි මහත්මිය සඳහන් කර තිබේ.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයකට එක්වෙමින් ඇය මේ සඳහන් කර ඇත.

මේ වසර අවසන් වීමට පෙර එන්නත පුළුල් භාවිතයට යොදා ගත හැකි වනු ඇති බවත් කොවිඩ් 19 ගෝලීය වසංගතය අවසන් වූ වහාම දිවයිනට පැමිණීමට අදහස් කරන බවත් ඔක්ස්ෆර්ඞ් සරසවියේ විද්‍යාඥවරිය මහේෂි රමාසාමි සඳහන් කර තිබේ.

කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතක් නිපදවීම සඳහා ශ්‍රී ලාංකික දායකත්වයක් පැවතීම ආඩම්බර විය හැකි කරුණක් ලෙස මහකොමසාරිස්වරිය එහිදී පවසා ඇත.

ශ්‍රී ලංකාවේ උපත ලද ඇය කොළඹ විශාකා විද්‍යාලයේ ද කෙටි කාලයක් අධ්‍යාපනය ලබා ඇති අතර, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිට ඇත්තේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර විද්‍යාලයෙනි. දැනට ඇය ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආචාර්යවරියක ලෙස ද සේවය කරයි.

කොවිඩ් 19 එන්නතක් ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා යොදා ගත හැකිවනු ඇත්තේ ලබන පෙබරවාරි මාසයේදී බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාවට දන්වා ඇති බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com