මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (05) පස්වරුවේ තවත් සුළු භූ කම්පන කිහිපයත් සිදුව තිබෙනවා.ඒ අනුව දිගන භූ කම්පන රැල්ලේ 6වෙනි භූ චලනයත් වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව ඇති බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.
ඔහු වැඩි දුරටත් පවසා සිටින්නේ මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිත භූමියේ තේරුම් ගැනීමට අපහසු යම් දෙයක් සිදුවෙමින් පවතින බවත් මේ පිළිබඳ පුළුල් අධ්‍යනයක් සිදු කල යුතු බවයිඑම කම්පන සිදුවී ඇත්තේ ඊයේ පස්වරු 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ වන අතර භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය සඳහන් කරන්නේ සියලු කම්පන රික්ටර් මාපක ඒකක 2ට අඩු අගයක් ගන්නා බවයි.
ඊයේ උදෑසන 05.41කට පමණ දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව ද භූ චලනයක් සිදුවී තිබු අතර එය පල්ලෙකැලේ සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්ථානවල රික්ටර් මාපක ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙස සටහන්ව තිබූ බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ ප්‍රකාශකයෙකු පවසනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ