ගාල්ල දක්ෂිණ නාවික කඳවුරේ ප්‍රවාහන අංශයේ නාවික සෙබළුන් 5දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
පසුගිය දා නිරෝධායන අවසන් කර සේවයට වාර්තා කර සිටි නාවික සෙබළෙකුට උණ, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් ඔහුට කළ PCR පරික්ෂණයෙන් කොරෝනා බවට තහවුරු වි ඇත.
මෙම නාවික සෙබලුන් 05 දෙනාගේ පළමුපෙළ ආශ්‍රිතයින් සොයා දින 14ක කාලයක් නිරෝධායනය කිරිමට කටයුතු කරණ බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි කියා සිටියේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ