රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනකුට කොරෝනා

රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යාවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

වසා දමා තිබූ ඉංජිනේරු පීඨය පසුගිය සතියේ තුන්වැනි සහ අවසන් වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා යළි ආරම්භ කළා.

මෙහිදී කිසිම ශිෂ්‍යයකුට විශ්වවිද්‍යාල භූමියෙන් පිටතට යාමට හෝ පිටස්තර පුද්ගලයන්ට ඇතුළට ඒමට ද අවසර ලබාදි නොතිබු බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් පිඨය තුලම සපයාදි තිබු බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

සිසු සිසුවියන් තම ගම්පළාත්වල ගොස් පැමිණ සිටි බැවින් ඊයේ (04) එම කණ්ඩායම්වලින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට PCR පරීක්ෂණ සිදුකර තිබෙනවා.

ඉන් මෙම සිසුන් දෙදෙනා කොරෝනා ආසාදිත බව තහවුරු වුණා.

එම සිසුන් දෙදෙනා සියඹලාපේ සහ මතුගම ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔවුන්ගේ ආශ්‍රිත පිරිස් නිරෝධායනයට යොමු කිරිමට කටයුතු යොදා තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com