දින කිහිපයක් ඇතුළත ඉල්ලා අස්වූ තුන්වන සභාපතිවරයා බවට පත්වෙමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අමිත ගමගේ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමිත ගමගේ මහතා එම තනතුරට පත්කරන ලද්දේ ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදීය.
මීට පෙර ජනාධිපතිවරයා විසින් පත්කළ ආයෝජන මණ්ඩල සභාපතිවරයා වන සුසන්ත රත්නායක මහතාද, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වන ප්රභාෂ් සුබසිංහ මහතාද සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දීමට පියවර ගෙන තිබිණ.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා අස්වූ හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට