මාරවිල තොඩුවාව ප්‍රදේශයේදී අද පෙරවරුවේ වටලනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 210 කට වැඩි බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
හෙරෝයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 120 කට අධික වන අතර අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයෙහි සිල්ලර වෙළඳ වටිනාකම රුපියල් කෝටි 90 ඉක්මවන බව සඳහන්.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් සිදු කරන ලද විශාලතම මත්ද්‍රව්‍ය ග්‍රහණය මෙයයි.
අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් ඇත්තේ ඩුබායි, ඇෆ්ගනිස්ථාන් හෝ පාකිස්තානයේ සිට බවට සැක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ අද(06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කොමසාරිස් ජනරාල් ඒ.බෝදරගම කියා සිටියේ අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ලබාදීම සඳහා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවයි.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් සමග හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් මෙහිදී සොයා ගනු ලැබුවා.
ඒ සමගම එම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත සැකපිට පුද්ගලයින් 04 දෙනෙකුද එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලද වාහන හතරක් ද සුරාබදු නිලධාරීන්ගේ භාරයට පත්වුණා.
එම වාහන අතර මෝටර් රථ දෙකක් / ලොරියක් හා වෑන් රථයක්ද වනවා.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 37 – 44 සීමාවේ පසුවන්නන් වන අතර ඔවුන් ගනේමුල්ල, දෙමටගොඩ හා මීරිගම ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව