රුපියල් ලක්ෂ අසුවක මුදලකට විකිනීමට ගෙනගිය මුතු ඇට 1070ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යබලකා මධ්‍යස්ථානයේ නිලධාරීන් අද (06) වනදා සමත්වී තිබේ.
හම්බන්තොට නාවික හමුදා කදවුරේ බුද්දි අංශයේ නිලධාරීහට ලැබුණු තොරතුරකට අනුව උපයදුතයින් යොදවා හම්බන්තොට නගරය ආසන්නයේ අවහන් හලක්වෙත මුතු මිලදී ගැනීමට පැමිණෙන ලෙස පවසමින් මෙම ජාවාරමේ නියැලී පුද්ගලයින් තිදෙනා සමඟ ඔවුන් පැමිණි වෑන් රථය හා මුතු ඇට අත්අඩංගුවට ගෙන තිබේ.මෙම මුතු ඇට තොගයේ බර ග්‍රෑම් 650ක් පමණ වන බවයි නිලධාරීන් කියා සිටින්නේ.
අදාළ සැකකරුවන් අලවතුගොඩ හා ඌරාපොළ යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 44ත් 28 ක් පමණ වන අය වන අතර ඔවුන් අධිකරණ කටයුතු සදහා හම්බන්තොට ධීවරපරීක්ෂක කාර්යාලයේ නිලධාරීන්හට බාරදී තිබේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ