අප්‍රිකාවෙන් පිටත ආදි මානවයා දුන්න සහ ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂි ශ්‍රී ලංකාවෙන් හමුවී තිබේ.
මෙම සාක්ෂි හමුවී ඇත්තේ, ශ්‍රී ලාංකිකයින් ද ඇතුළු ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් ෆාහියන් ලෙන් ගුහාවෙන් හමුවූ සත්ත්ව ඇටකටු ආශ්‍රිතව සිදු කරන ලද අධ්‍යනයකිනි.
ඒ අනුව තහවුරු වී ඇත්තේ, මීට වසර 48,000 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ මුල් වැසියන් සත්ත්ව ඇටකටුවලින් මෙවලම් සකස් කර දඬයම් සිදු කර ඇති බවයි.
අදාළ අධ්‍යනයට අනුව මෙරට ආදි මානවයා මෙම මෙලවලම් භාවිත කරමින් වැසි වනාන්තරයේ විශේෂයෙන් වඳුරන් සහ ලේනුන් වැනි ඉතා වේගයෙන් ගමන් කරන සතුන් දඩයම් කිරීමට සමත්ව තිබීම පර්යේෂක කණ්ඩායමේ ද විමතිය දනවන්නක් වී තිබේ.
මෙම පර්යේෂණය සිදු කරනු ලැබ ඇත්තේ, නොයෙල් අමානෝ, ඔෂාන් වෙදගේ, ශිරාන් දැරණියගල , එම්. එම්. පත්මලාල්, නිමල් පෙරේරා, නිකොල් බොයිවින්, මයිකල් ඩී. පෙට්‍රග්ලියා සහ පැට්රික් රොබට්ස් යන පළපුරුදු පර්යේෂකයින් කණ්ඩායම විසිනි.
දකුණු ආසියාවේ හෝමෝ සේපියන්වරුන්ගේ පැරණිතම පොසිල හමු වූ ස්ථානය ද ලෙස සැලකෙන ෆාහියින් ලෙන් ගුහාවෙන් පසුගිය වසරේදී වඳුරගේ සහ ලේනුන්ගේ මෙම ඇටකටු සොයා ගැනිණ.
තව ද මෙම සොයා ගැනීම සැලකෙන්නේ, මීට වසර 20,000 කට පමණ පෙර යුරෝපයේ තිබී දුනු හා ඊතල තාක්ෂණය පිළිබඳ සාක්ෂි පුරෝකථනය කරන්නක් ලෙසයි.
More Stories
සංකීර්ණ ගෝලීය තත්ත්වය හමුවේ සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කරමින් ඇරඹෙන 16 වන බ්‍රික්ස් නායක සමුළුව
සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්රජාතන්ත්රවාදය චීනය ආශ්චර්ය දෙකක් නිර්මාණය කිරීමේ වැදගත් සහතිකයකි
මහා පරිමාණ තහනම් උත්තේජක ගැටලුව සම්බන්ධයෙන් ඇමරිකාව ලෝකයට පැහැදිලි කිරීමක් ලබා දිය යුතුයි-චීනය