මෙරට ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වේ දෙවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට හිරුණි සමත් වෙයි

මෙරට ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වේ දෙවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට (2:36:16) හිරුණි විජේරත්න අද ස්පාඤ්ඤයේ වැලන්සියා මැරතන් තරගයට සහභාගී වෙමින් සමත් වූවාය.

ඇය එහිදී ක්‍රීඩිකාවන් 47 ක් අතරින් 32 වැන්නා ලෙස තරගය අවසන් කලාය.
මෙරට වේගවත්ම කාලය ලෙස හිරුණි මීට පෙර ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවූයේ පැය 2:34:10ක කාලයකින්.

කාන්තා මැරතන් තරගයේ ජය කෙන්යාවේ පෙරෙස් ජෙප්චයේ (2:17.16) කාලයකින් වාර්තා කල අතර පිරිමි ඉසව්වේ ජය කෙන්යාවේම එවන්ස් චෙබෙට් (2:03.00) සමත් විය.

මෙම තරගයට සමගාමීව පැවති අර්ධ මැරතන් තරගවලදී පිරිමි ලෝක වාර්තාව හිමි කරගැනීමට කෙන්යාවේ කිබිවොට් කෙන්ඩි (58:01)සමත් විය. කාන්තා ඉසව්වේ ජයග්‍රහණය කළේ (1:04.31)පළමුවරට අර්ධ මැරතන් තරගයකට සහභාගී වූ ඉතියෝපියාවේ ජෙන්සිබේ ඩිබාබායි. එය වාර්තා අතරට එක් වූයේ ක්‍රීඩිකාවක් අර්ධ මැරතන් කාන්තා තරගයකට සහභාගී වූ පළමු අවස්තාවේදී වාර්තා වූ හොඳම කාලය ලෙසයි.
ඩිබාබා මීටර් 1500 ඉසව්වෙන් ඔලිම්පික් හා ලෝක ශූරතා පදක්කම් හිමිගත් ක්‍රීඩිකාවක වන අතර, ගෘහස්ත මලල ක්‍රීඩා ලෝක වාර්තා රැසක් පිහිටුවන ලද ක්‍රීඩිකාවක්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com