වනජීවී විෂය භාර සී.බී.රත්නායක අමාත්‍යවරයා හැමදාම කැපිලි කෙටිලි වලට ලක්වූ පුද්ගලයකු බව ජාතික ජන බලවේගය මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වනජීවි හා පරිසර අමාත්‍යාංශය අයවැය වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් සඳහන් කරයි.
සී.බී.රත්නායක මහතා වනජීවී අමාත්‍යවරයා වුවත් ඔහුට අයත්ව තිබෙන්නේ දැව සංස්ථාව පමණක් බවද පෙන්වා දෙන මන්ත්‍රීවරයා මීට පෙර පශු සම්පත් අමාත්‍යංශ ධුරය දරද්දී ද මෙවැනිම කැපිල්ලට ලක්වූ බවද මතක් කර දෙන ලදී.
වනජීවී අමාත්‍යවරයා පමණක් නොව පරිසර අමාත්‍යවරයා ද එවැනිම කැපිල්ලට ලක්ව තිබෙන බව ද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙහිදී එදා භූ විද්‍යාඥයින් මාධ්‍ය කඳුකරයට කරන එම විනාශ නවතන ලෙස කොතෙක් කීවද පැවති ආණ්ඩු කිසිවක් මධ්‍ය කඳුකරය සංරක්ෂණය ගැන කටයුතු නොකළ බව මන්ත්‍රීවරයා කියාසිටියේය.
”අද තමුන්නාන්සේලා දන්නවා රන්ටැඹේ 52%කට වැඩි ප්‍රමාණයක් රොන් මඩවලින් පිරිලා,රන්දෙණිගල රොන්මඩ වලින් පිරිලා,කොත්මලේ රොන්මඩ වලින් පිරිලා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි මෙය ශක්තිමත් පාෂණයකින් සමන්විත මධ්‍ය කඳුකරයක් නෙවෙයි. ඒ නිසා මධ්‍ය කඳුකරයේ ජලාශ හැදීම ඉතා අනතුරුදායක බව හඳුන්වා දී තිබුණා. පහුගිය කාලේ මොරගහකන්ද ජලාශය හැදුවා. මොරගහකන්ද ජලාශයෙන් බලාපොරොත්තු වූ පරිදි අවශ්‍යතා සපුරා ගැනීමට නම අවුරුද්දකට හා වතාවක් පිරෙන්න ඕනේ. සාමාන්‍ය වර්ෂාවට මෙය දෙවතාවකට වඩා පිරෙන්නේ නැහැ. මෙතනදී තමුන්නාන්සේලාගේ යෝජනාවක් තිබුණා මොරගහකන්දට වතුර නැති නිසා කළු ගඟ ව්‍යාපෘතිය පටන් ගත්ත. කිලෝ මීටර 08ක උමඟක් හරහා කළු ගඟෙන් වතුර ගේන්න හදනවා. ඊළඟට කළු ගඟේ වතුර නැතුව යනවා. කළු ගඟේ අතුරා නැතිවෙනකොට තමුන්නාන්සේලා යෝජනා කරනවා රන්දෙණිගලින් කිලෝමීටර 32ක උමඟක් සහ ඇල වේලි හරහා කළු ගඟට වතුර ගේන්න. ඊටපස්සේ රන්දෙණිගලට වතුර නැහැ. ඒකට තමුන්නාන්සේලා යෝජනා කරනවා පැහැල උමා ඇලෙන් අලුත් ව්‍යාපෘතියක්. මාධ්‍ය කඳුකරය මේ විදිහට විනාශ කරන්න පුළුවන් පරිසර පද්ධතියක්ද?”
පැවති මෙන්ම පවත්නා ආණ්ඩුවල අරමුණ වී ඇත්තේ සියල්ල මුදල් බවට පත්කර ගැනීම බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
අනුර දිසානායක මහතා මෙම අදහස් පළකළේ අද (07) පාර්ලිමේන්තු සභාව අමතමිනි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ