හොඳ කල්ක්‍රියාවෙන් කටයුතු කරන්නේ නම් මරණ දඬුවම ලැබූ පුද්ගලයන්ටද නිදහස ලබාදිය හැකි බවට ආණ්ඩුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා. ගොනා හැරෙන්නේ පොල් පැලේට ගේම දෙන්න බව එන විදියෙන්ම තේරුම් ගත හැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
මේ සූදානම් වන්නේ වෙන කුමකටවත් නොව ආණ්ඩුවට අවශ්‍ය පුද්ගලයන්, මරණ දඬුවම නියම වී සිටින දේශපාලනඥයන් නිදහස් කර ගැනීමට බවද මන්ත්‍රීවරයා පවසනවා.
වගකීම් හමුවේ ආණ්ඩුව අසමත් වුවද රට අසමත් වීමට ඉඩ නොතබන බව විපක්ෂය පවසනවා.
අද පෙරවරුවේදී විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මනුෂ නානායක්කාර මහතා කියා සිටියේ ජන්දය ලබාදුන් ජනතාවගේ නමින් ආණ්ඩුව මේ වනවිට තමන්ට අවශ්‍ය සියලු අත්තනෝමතික තීන්දු තීරණ ගනිමින් සිටින බවයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ