ස්පාඤ්ඤයේ සංචාරයක් සඳහා පැමිණ දින 14ක කාල සීමාවක් නීරෝධායනය වීම මගහැරීම හේතුවෙන් බෙල්ජියමේ ජෝකිම් කුමාරයාට අගුලු දැමීමේ නීරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත යුරෝ 10,400ක (පවුම් 11,800) දඩයක් පැනවීමට ස්පාඤ්ඤ බළධාරින් පියවර ගෙන තිබෙනවා.
ඉකුත් මැයි මාසයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ බව තහවුරු වූ 28 හැවිරිදි වියේ පසු වන ජෝකිම් කුමාරයා මැයි 24 වැනිදා ස්පාඤ්ඤයට පැමිණ ඇත්තේ සීමාවාසික පුහුණුවකට වන අතර එසේ පැමිණ දින හතරකට පමණ පසුව ඔහු දකුණුදිග කොර්ඩෝබා නගරයේ පැවති සාදයකට සහභාගී වී ඇත්තේ නීරෝධායනය වීම මගහරිමිනි.
ඉකුත් මැයි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්පාඤ්ඤය එරටට පැමිණෙන සැම විදේශිකයෙකුටම දින 14ක කාල සීමාවක් නීරෝධායනය වීම අනිවාර්යය කර තිබෙනවා. ජෝකිම් කුමාරයා සහභාගී වූ සාදය සම්බන්ධව ස්පාඤ්ඤයේ මාධ්‍ය විසින් ඉකුත් මැයි මාසයේදී පුවත් පළ කිරීමෙන් පසු තමා කළ වරදට සමාව ඉල්ලා සිටින බව කුමාරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. ඔහුට නියම කර ඇති දඩ මුදල දින 15 ක් ඇතුලතදි ගෙවන ලෙස ද උපදෙස් දී තිබෙනවා.
ජෝකිම් කුමාරයා බෙල්ජියමේ ෆිලිප් රජුගේ බෑනා කෙනෙකු වන අතර එරට රජ කිරුළට හිමි කම් කියන ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ පසු වනවා.
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය