අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය අදයි.
ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ දූෂණය සංවර්ධනයට ඇති විශාලතම බාධකය බවයි.
දූෂණයට එරෙහිව සටන් වැදීමට රටකට හැකි වනුයේ ඊට එරෙහිව රට වැසියාට වුවමනාවක් සහ නැඹුරුවක් ඇති විට බවද එහි සඳහන්.
රට වැසියා දූෂණය නොඉවසීම එය පරාජය කිරීමට ඇති හොදම ආයුධය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
දූෂණයට එරෙහිව ජනතාව බල ගැන්වීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය හරහා ඉහළ අවධානයක් යොමු කළේද එම හේතුව නිසා බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ