රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත සේවය කරන ලද උප පොලිස් පරික්ෂක රෝහණ මෙන්ඩිස් යන අය ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ගම්පහ මහධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග යැවීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනුණා.
ඊට අදාළ තීන්දුව පෙරේදා දිනයේදී ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබුණේ.
කෙසේ වෙතත් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා රාජකාරි නිවාඩු ලබා තිබීම හේතුවෙන් එය අද දිනය දක්වා කල් තැබුණා.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට