වසර 14 කට පසු පළමු වරට දකුණු අප්රිකාව,ටෙස්ට් තරග 2 ක් සහ විස්සයි 20 තරග 3 ක් සඳහා පාකිස්තානයේ සංචාරය කිරිමට නියමිතයි. කරච්චි සහ රාවල්පින්ඩි ටෙස්ට් තරග දෙක සඳහා සත්කාරකත්වය දරන අතර විස්සයි 20තරග තුන ලාහෝර් හිදී පැවැත්වේ.
දකුණු අප්රිකාව ජනවාරි 16 වනදා කරච්චි නුවරට පැමිණෙන අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 26-30 දක්වා කරච්චි ජාතික ක්රීඩාංගණයේදී පැවැත්වේ.පෙබරවාරි 4 සිට 8 දක්වා දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන රාවල්පින්ඩි හිදීය. පාකිස්තාන ක්රිකට් මූලස්ථානය වන ගඩාෆි ක්රීඩාංගණයේදී පෙබරවාරි 11,13 සහ 14 යන දින තුළ විස්සයි විස්ස තරග තුන පැවැත්වේ.
2021දී දකුණු අප්රිකාවෙන් පසුව නවසීලන්තය,එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට පාකිස්තානය සත්කාරකත්වය සැපයීමට නියමිතය.
-චානක අරවින්ද
More Stories
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි