කොරෝනා වසංගතයෙන් මියගිය ඥාතීන් විසින් භාර නොගත් පුද්ගලයන්ගේ සිරුරු වහාම ආදාහනයට කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින්.
කොරෝනා වසංගතයෙන් මියගිය, ඥාතීන් විසින් භාර නොගත් මළ සිරුරු 19 කට ආසන්න ප්‍රමාණයක් දිවයිනේ රෝහල් කිහිපයක මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබෙනවා.
එය සෞඛ්‍ය සංරක්ෂණයට බරපතල හානියක් බව පෙන්වා දෙමින් ඒ පිළිබඳව ගතයුතු පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ