සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමුකර පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ, බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු සහ ගැටලු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු සඳහා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දීය.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටින බවත්, ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමුකර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.
බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටුදැකීම සඳහා දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිරගෙවල් ඉදිකිරීමට ඇති හැකියාව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා විසින් උපදෙස් දීතිබේ.
විදෙස් රටවල සිරමැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවත් එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බව සඳහන්.
රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප්‍රමාදයන් නිසා අතිවිශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරතව සිටින බවත් රේගුව, පොලීසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර පවතින ගැටලු නිරාකරණයට පියවර ගත යුතු යැයි ද හෙතෙම පෙන්වා දී ඇත.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්