මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම අතරතුර මියගිය රැඳවියන් 11 දෙනාගේම අනන්‍යතාවය තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් විසින් එම මළසිරුරු හඳුනාගෙන ඇති බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ.
අද දිනයේදී අවසන් මළසිරුරු 04 හඳුනාගෙන තිබෙනවා.
මියගිය රැඳවියන් බියගම, මිනුවන්ගොඩ, ජාඇළ, එඬේරමුල්ල, වැලිවේරිය, අඟුරුවාතොට, වත්තල හුණුපිටිය, සපුගස්කන්ද, කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඔවුන් සියලු දෙනාම මත්ද්‍රව්‍ය ආශ්රිත චෝදනා මත බන්ධනාගාරගත වූවන් වේ.
මෙම පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඉදිරියේදී සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා පංච පුද්ගල විශේෂඥ කණ්ඩායමක් පත්කර තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ