සත 25 දක්වා සීනි බද්ද අඩු කිරීම තුළ රජයට ලැබිය යුතු බදු ආදායම රු.බිලියන 10කින් අඩුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
මෙම බදු අඩු කිරීම ජනතාවගේ පාර්ශවයෙන් සිතා කළේ නම වෙළෙඳපොලේ සීනි මිල පහත වැටිය යුතු වුවත් එය එලෙස නොවන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
අවසානයේදී ආණ්ඩුවට බදු ආදායමත් අහිමි වී ජනතාවට අඩු මිලට සීනිත් අහිමි වී කුප්‍රකට කණ්ඩායමක් විසින් රටේ භාණ්ඩාගාරයට ලැබිය යුතු ධනය වෙනත් පාරවල්වලින් සිය නිවසට නැත්නම් ව්‍යාපාරයට හරවා ගෙන ඇති බවයි අනුර දිසානායක මහතා කියාසිටියේ.
ඇතැම් භාණ්ඩවලට බදු වැඩි කරන විට ආනයන සීමා කරන විට නැත්නම් ආනයන තහනම් කරන විට සීනි බද්ද පමණක සත 25කට අඩු කිරීම තුළම ප්‍රශ්නයක් පවතින් බවයි ඔහු පෙන්වාදුන්නේ.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි