මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30,613ක් දක්වා ඉහළ ගියා.
ගතවූ පැය 24 කාලය තුළ නව ආසාදිතයින් 538 දෙනෙකු හඳුනා ගත් අතර ඉන් 304 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.
විදෙස් ජාතික නාවික ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු විදේශයන්හි සිට පැමිණි 68 දෙනෙකු ද ඊයේ හදුනාගත් ආසාදිතයින් අතර වන බව සඳහන්.
ආසාදිතයින් 22,261 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,206ක්.
සැක සහිත රෝගීන් 716 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.
ඊයේ දිනයේ වාර්තා වූ නව මරණ දෙකත් සමගින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගියා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 02 සහ වැලිගම ප්‍රදේශවල පදිංචිව සිටි 66 සහ 54 වන වියේ පසුවූ කාන්තාවන් දෙදෙනෙක්.
මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 65ක පුද්ගලයින් 6,896ක් නිරෝධායනය වෙමින් සිටිනවා.
ඊයේ දිනයේ මෙරට සිදුකර ඇති පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 14,416 ක්.
පුද්ගලයින් 95,825 දෙනෙකු මේ වනවිට ගෘහස්ථ නිරෝධායනයට යොමුකර ඇති ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ