පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා අග්‍රාමාත්‍යතුමා අතර අද පෙරවරුවේ විජේරාමේ පිහිටි නිල නිවසේ පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
පැරණි හෝ නව ක්‍රමයකට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
මෙහිදී දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවසූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඒ සඳහාපාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යතුමා මේ වන විටත් තමන් ඒ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ නිමල් ජී. පුංචිහේවා, ඇතුළු කොමිසමේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්