මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීම පැහැදිලිවම වළක්වාගත හැකිව තිබුණු එකක් බවත් එය නොහැකි වුණේ පරිපාලනයේ දුර්වලතාවය නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
“අපි නැවත නැවතත් කියන්නෙ මහර බන්ධනාගාරය ආශ්‍රිතව සිදුවුණු ඒ මිනිස් ඝාතනය, ඒ සංහාරය අපි තරයේ හෙළා දකිනවා. මේ වනවිට අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. අවසන් වාර්තාව සකස් වෙමින් තියෙනවා. එහෙම තියෙද්දි එම කමිටුවේ ඇතැම් සාමාජිකයින් මාධ්‍ය වලට ගිහින් යම් යම් නිගමන ඉදිරිපත් කරමින් ඉන්නවා. විමර්ශන අවසන් කරන්න කලින් එයාලා තමන්ගෙ මතය කියන එක වැරදියි.
මහර බන්ධනාගාර ඛේදවාචකය පැහැදිලිවම වළක්වාගත හැකිව තිබුණු එකක්. එය එසේ සිදු නොවුණේ කොවිඩ් 19 රෙගුලාසි සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා තමන්ගෙ අදක්ෂකම අකාර්යක්ෂමතාවය දුර්වලතාවය නිසා මහර බන්ධනාගාරය තුළ වෙනමම කොවිඩ් පොකුරක් නිර්මාණය වුණා. ඒ කොවිඩ් පොකුර නිසා බන්ධනාගාරය තුළ දැවැන්ත ප්‍රශ්නයක් උද්ගත වුණා. රැඳවියන් ඉල්ලුවේ කන්න පුළුවන් ආහාර, කෝවිඩ් පරීක්ෂණ පැවැත්වීම, බෙහෙත් හේත්. මේවා වෙනුවෙන් තමයි බහුතරයක් උද්ඝෝෂණය කළේ. යම් කඩාකප්පල්කාරී ක්‍රියා කරපු සුළු කොටසකුත් හිටියා, නමුත් මේ ප්‍රශ්නයට මුල පරිපාලනයේ දුර්වලතාවයක්.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (11) කඩුවෙල සංඛපිට්ඨි විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ