බස්නාහිර පළාතේ ග්‍රාමසේවා වසම් 8 ක් අද පෙරවරු 5 සිට හුදකලා කෙරුණා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ අනුව දිවයිනේ ග්‍රාමසේවා වසම් 24 ක හුදකලා නියෝගය ක්‍රියාත්මක බවයි.
මධ්‍යම හා උතුරු කොළඹ පොලිස් බල ප්‍රදේශ නමයක ද එය ක්‍රියාත්මක වනවා.
නිරෝධායන රීතින් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංගනය කළ පුද්ගලයින් 41 දෙනෙකු ගතවූ පැය 24 තුලදී අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 1, 390 ක් පමණ වන බවයි.
කාර්යාල, කර්මාන්ත ශාලා සහ වෙනත් ආයතනවල ඇතැම් පිරිස් කොවිිඞ් ව්‍යාප්තිය පාලනයට නිසි සහයෝගය ලබා නොදෙන බවට සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි