Gmail, Youtube සහ Nest ඇතුළු බොහෝ ගූගල් වෙබ් අඩවි සහ සේවාවන් සඳහා විශාල ඇනහිටීමක් සිදුව තිබෙනවා.
ගූගල් සේවා සහ යූ ටියුබ්, ජීමේල්, නෙස්ට් සහ ගූගල්.කොම් වැනි වෙබ් අඩවිද විශාල ඇනහිටීමකට ලක්ව ඇත.
ඩවුන්ඩෙටෙක්ටර් සහ ගූගල් වර්ක්ස්පේස් උපකරණ පුවරුව මඟින් ඇනහිටීම් කොතරම් පුළුල්ද යන්න පෙන්නුම් කරයි.
යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය ලොවපුරා යම් බිඳවැටීමකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.
gmail හරහා සිය යූ ටියුබ් ගිණුම් වෙත පිවිසීම මේ වනවිට අවහිර වී ඇති බවටයි බොහෝ දෙනා FACEBOOK සහ Twitter පණිවිඩ නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
එමෙන්ම ගූගල් සේවා රැසක් මේ වනවිට බිඳවැටී ඇති අතර Gmail, Google search engine, YouTube, Google Maps සේවාවන් ද මේ වනවිට බිඳ වැටීමකට ලක්ව ඇති බවයි එම වාර්තා වන්නේ
More Stories
Hubei පළාතේ සංවර්ධනය පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්
ඇමරිකාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය වෙනස් නොවේ– චීනය
ඩිමොක්රටික් පක්ෂයට සෙනෙට් සභාවේ බලය අහිමි වන ලකුණු