රටක් දියුණු කළ හැක්කේ, සමාජයක් දියුණු කළ හැක්කේ විද්‍යාවෙන් මිස මිථ්‍යාවෙන් නොවන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මිථ්‍යාව පදනම් කරගෙන දියුණු වූ කිසිම රටක් ලෝකයේ නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු මියයන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය නොකර ආදාහනය කිරීම පිළිබඳව විරෝධයක් නොමැති වුවත් ජනතාව විස්වාස කරන ආගමික සංකල්ප පිළිබඳවද සැළකිලිමත් වියයුතු බව මංගල සමරවීර මහතා පවසනවා. කොවිඩ් මළසිරුරු භූමදානය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බව විද්‍යාව විසින් තහවුරු කර තිබියදී ඉස්ලාම් ආගමිකයන්ට ඒ සඳහා අවස්ථාව අහිමි කිරීම ගැටලුවක් බවද සමරවීර මහතා අවධාරණය කරනවා.
කොවිඩ් 19 ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ආණ්ඩුව විසින් ඉඩ නොදීමට විරෝධය පළකරමින් ඊයේ (13) සවස කොළඹ බොරැල්ල කනත්ත ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබු අතර එම අවස්ථාවට ‘සැබෑ දේශප්‍රේමියෝ’ සංවිධානය නියෝජනය කරමින් හිටපු අමත්‍ය මංගල සමරවීර ද එක්ව සිටියේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ