කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් පිළිබඳව එංගලන්තයෙන් තොරතුරු වාර්තා වෙයි.
මේ වන විට එහි සීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බවයි එරට සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කරයි.
නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ දහසකට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර, එය පළාත් පාලන ප්‍රදේශ 60 කින් වාර්තා වන බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
කෙසේ නමුත්, නව කොරෝනා වෛරස් ප්‍රභේදය දැන් ක්‍රියාත්මක වන කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනට බලපෑමක් ඇති නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළහ.
එම තත්ත්වය තුළ සෞඛ්‍ය අංශ මහත් කැළඹීමකට පත්ව තිබෙන්නේ කොරෝනා වසංගතය ට හඳුන්වා දුන් අද්විතීය එන්නතට පවා නව ප්‍රභේදය ප්‍රතිරෝධයක් දැක්වීම නිසායි.
ඒ අනුව එන්නතේ සාර්ථකභාවය අඩුවීමේ අවදානම මතුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නව තත්ත්වය පිළිබඳ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා නිල වශයෙන් පිළිගෙන තිබේ.
මෙය කොවිඩ් වෛරසයේ ප්‍රතිවලිත ඇතිවූ පළමු අවස්ථාව නොවේ. මීට ඉහත ද ප්‍රවේණික විකෘති (genetic mutation) තුළින් විවිධ ප්‍රභේද බිහිවීම පිළිබඳ තොරතුරු වාර්තා වී තිබිණි. වෛරසයක් ධාරක ජීවියෙක් තුළට ඇතුල් වීම සමඟ එහි ප්‍රතිවලිත සාදා ගන්නේ අනෙකුත් සෛල වලට ප්‍රහාර එල්ල කිරීමට යි. එය වෛරසයක ස්වභාවයයි. එහිදී විවිධ ප්රතිවලත ඇතිවී වඩාත් කටුක තත්ත්වයන්ට මුහුණ දීමට අනුගත වන විකෘති ඇතිවීම සාමාන්‍ය සිදුවීමකි.
එහෙත්, මේ වන තුරු එසේ වාර්තා වන ලද ප්‍රවේණික විකෘති කොවිඩ් වසංගතය තුළ දැනටමත් පවතින බලපෑමට අමතරව වැඩි බලපෑමක් එල්ල කර නොතිබිණි.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ හට ගෙන ඇතැයි විශ්වාස කෙරෙන මෙම නව ප්‍රභේදය පිළිබඳ එරට සෞඛ්‍ය අංශ වල දැඩි අවධානය යොමුව තිබේ.
පැවති තත්ත්වයට වඩා, විශේෂයෙන්ම ගිණිකොන දිග කලාපයේ වෛරසය සීඝ්රයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වී තිබීමට මීට හේතුවයි.
එම තත්ත්වය තුළ එන්නතේ ක්‍රියාකාරීත්වය බාල වනු ඇතැයි විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි