කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ Adani සමාගමට පැවරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට ඊයේ (14) ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පැවැති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවු බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.
මේ අනුව දකුණු ආසියාවේ කාර්යබහුලම වරායක් වන කොළඹ වරායේ විශාල නැව් පැමිණිය හැකි පර්යන්ත දෙක හැසිරවීමේ බලය චීනයට සහ ඉන්දියාවට හිමිවේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ සාකච්ඡා ආරම්භ කළේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. එම සාකච්ඡා ඉදිරියට ගෙන ගිය වර්තමාන ආණ්ඩුව නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ඇත.
49%ක් එම සමාගමටත් 51%ක් ශ්‍රී ලංකා රජයටත් වන සේ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පැවැසීය.
අදානි සමාගම යෝජනා කර ඇත්තේ ඉන්දීය රජය විසින් බවද ඇමතිවරයා එහිදී සඳහන් කළේය.
නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යාම සඳහා රජයට මුදල් නැතිකම නිසා මෙසේ ආයෝජකයන් කැදවන බවද එම මුදල් ආයෝජනය කල හැකි දේශිය ආයෝජකයෙක් සොයා ගත නොහැකි වූ බැවින් මෙම පියවරට යාමට සිදුවූ බවද ඇමතිවරයා කියා සිටියේය.
වරාය පොදු සේවක සමිතිය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් මෙම විකිනීමේ ක්‍රියාවලියට එරෙහිව අඛණ්ඩ අරගලයක නිරතව සිටිති.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ