රාජකීය පරම්පරා නිමවෙමින් පවතින කාලවකවානුවක් එළඹෙමින් පවතින බවත්, ස්වාමීන් වහන්සේලා අලුත් සෙල්ලමකට සූදානම් විය යුතු බවත්, නව ජාතික බලවේගයක් ගොඩනැගිය යුතු බවත් මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පැවසූහ.
ඊයේ (15) කොළඹ පැවැති උත්සව අවස්ථාවකදී උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.
මේ රටේ සිටින හාමුදුරුවරු අමුතු බවත් ලංකාවේ හාමුදුරුවරු කළ යුතු එකම දේ දේශපාලනය කිරීම පමණක් බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පැවසූහ.
හාමුදුරුවරු කරන්නේ පක්ෂ දේශපාලනය නොව ජාතික දේශපාලනය බවත් හෙට දවස අදට වඩා වෙනස් බවත් දේශපාලනයේ සියල්ල උඩුයටිකුරු වෙමින් පවතින බවත් තව අවුරුදු හතරකින් මිත්‍ර පාර්ශවයන් අතරේ යුද්ධයක් ඇති වීමට නියමිත බවත් උන්වහන්සේ සඳහන් කළහ.
හාමුදුරුවරු, විද්වතුන් අත්හදා බලා අවසන් බවත් පක්ෂ අත්හදා අවසන් බවත් රාජ පරම්පරා නිමවෙමින් පවතින බවත් වෙන සෙල්ලමකට සූදානම් විය යුතු බවත් නව ජාතික බලවේගයක් ගොඩනැගිය යුතු බවත් ධම්මරතන හිමියෝ වැඩිදුරටත් අවධාරණය කළහ.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි