ඇහැලියගොඩ, තලාපිටිය ප්‍රදේශයේ පිහිටි ගම්මානයේ ජල සම්පාදන ව්‍යාපෘතියක් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට එරෙහිව පැවති විරෝධතාවයක් අතර වාරයේදී එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ජා කිරීමට ගිය ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරට එහි සිටි ගම්වැසියන් හු කියමින් සිය විරෝධතාවය දක්වා සිටියා.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජලය ඉවතට ගෙනයාම තහනම් කළ භූමියක මෙම ජල ව්‍යාපෘතිය ඉදිකර ඇති බවත් ඒ හේතුවෙන් දිගින් දිගටම මෙම ස්ථානයෙන් ජලය පිටතට ගෙනායම සිදුවුවහොත් ප්‍රදේශවාසීන්ට බීමට පවා ජලය අහිමිවන තත්වයක් උද්ගතවන බවත් විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසීහු පවසති.
මෙයට පෙර මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කළ භූමිය පතල් කැනීම් සඳහා භාවිතා කළ භූමියක් බවත් එම පතල් කැනීම් සිදුකරන කාලයේ ප්‍රදේශයේ ලිංවල ඡලය හිඳීයාමේ තර්ජනයකට මුහුණ දුන් බවත් පසුව මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීම මත එම භූමියේ ජලය ඉවත් කිරීම තහනම් කළ බවත් විරෝධතාවයට එක්වූ ජනතාව පවසති.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි